AL ICT TRUST BOOK
About Course
උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණවේදය
AL ICT TRUST BOOK
( නව විෂය නිර්දේශයට අනුකුලව සියලු ඒකක ආවරණය වන පරිදි සකස් කල කෙටි සටහන් සංග්‍රහය)
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව විභාග මට්ටමින් වශ්යම විෂය කොටස් පමණක් හඳුනාගෙන කොටස් ආවරණය කිරීමට පහසු වන පරිදි සකස් කළ පොතක් මේ වන විටත් පලවී නොතිබූ නිසා එයට විසඳුමක් ලෙස මා විසින් මෙම පොත එළි දක්වන ලදී.මෙහි සියලු ඒකක සදහ කෙටි සටහන්, ව්‍යුහගත සහ රචනා ගැටලු භාවිතයෙන් කරුණු පෙළ ගස්වා ඇත.
උසස් පෙළ ඒකක දහතුනම ආවරණය වන පරිදි අනිවාර්යයෙන්ම දරුවන් හඳුනාගත යුතු සියලු කොටස් මෙහි අන්තර්ගත කර ඇති අතර මෙම පොත සැකසීම සඳහා තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධ උපාධිධාරියකු ලෙසත්, වසර ගණනක් උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයකු ලෙසත්, පිළිතුරු පත්‍ර පරීක්ෂකවරියකු සහ DP Education නාලිකාවේ දේශකයෙකු ලෙස ලබාගත් අත්දැකීම් උපයෝගී කරගත් අතර උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරු අත්පොත, අන්තර්ජාලය වැනි මාධ්‍යයන්ගේ ඇති වැදගත් විෂය කොටස් ද මේ සඳහා උපයෝගී කරගන්න ලදී .
මෙම පොත පරිශීලනය කිරීමේදී අඩංගු විෂය කරුණු පිළිබඳව ගැටළුවක් පවතින්නේ නම් ඒ පිළිබඳ මා දැනුවත් කර විෂය කරුණු නිවැරදි කර ගැනීමට දායක වන ලෙස පොත පරිශීලනය කරන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි. මෙම පොත උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සියලු දරුවන්ට තම විෂය දැනුම වර්ධනය කර ගැනීමට උපයෝගී වේවායි් ප්‍රාර්ථනා කරමි .
සමිත දිල්ශාන්
E WAY, ගුවන්තොටුපළ පාර, හිගුරක්ගොඩ
Web : www.icttrust.com
Telephone : 070 688 6880
E Mail : samitha.eway@gamail.com