AL ICT 1001 MCQ

Categories: AL ICT, AL ICT PAPER
Wishlist Share

About Course

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විතවන අතර ඉන් පළමු කොටස වන බහුවරණ ප්‍රශ්න පත්‍රය පැය දෙකක කාලයක් සම්පූර්ණ ලකුණු පනහක් වෙන් වෙන කොටසක් වන අතර එම කොටසට එක් එක් ඒකකයෙන් වෙන් වෙන් වශයෙන් බර තැබීම සහිතව සකස් කළ බහු වර්ණ පනහක් අන්තර්ගත වේ. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රයේ දී විශිෂ්ට සාමාර්ථයකට ගමන් කිරීමට බහුවරණ කොටස ඉතා වැදගත් වන අතර බොහෝ දරුවන්ට නිවැරදිව එම කඩෛම සාර්ථක කර ගැනීමට නොහැකි නිසා ඒ ඒ විෂය කොටස් වලට නිවැරදි බව තැබීම සහිතව බහුවරණ ප්‍රශ්න 1001 ක් විසඳුම් සහිතවම  මුද්‍රණය කර පළ කරන ලදී. තවද මෙම සියලූම ගැටලු විඩියෝ මාර්ගයෙන් විවරණය කර ඇති අතර එමගින් දරුවන්ට විෂය සම්බන්ද පුළුල් දැනුමක් ලබාගත හැක.

 

උසස් පෙළ ඒකක දහතුනම ආවරණය වන පරිදි අනිවාර්යයෙන්ම දරුවන් හඳුනාගත යුතු සියලු කොටස් මෙහි අන්තර්ගත කර ඇති අතර මෙම පොත සැකසීම සඳහා තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධ උපාධිධාරියකු ලෙසත්, වසර ගණනක් උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයකු ලෙසත්, පිළිතුරු පත්‍ර පරීක්‍ෂකවරියකු සහ DP Education නාලිකාවේ දේශකයෙකු ලෙස ලබාගත් අත්දැකීම් උපයෝගී කරගත් අතර උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වාර විභාග ප්‍රශ්ණ පත්‍ර, අන්තර්ජාලය වැනි මාධ්‍යයන්ගේ ඇති වැදගත් විෂය කොටස් ද මේ සඳහා උපයෝගී කරගන්න ලදී .

 

මෙම පොත පරිශීලනය කිරීමේදී අඩංගු විෂය කරුණු පිළිබඳව ගැටළුවක් පවතින්නේ නම් ඒ පිළිබඳ මා දැනුවත් කර විෂය කරුණු නිවැරදි කර ගැනීමට දායක වන ලෙස පොත පරිශීලනය කරන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි. මෙම පොත උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සියලු දරුවන්ට තම විෂය දැනුම වර්ධනය කර ගැනීමට උපයෝගී වේවායි් ප්‍රාර්ථනා කරමි .

Show More

Student Ratings & Reviews

No Review Yet
No Review Yet